Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව සේවාවන්

සේවාවන්

අරමුණු

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හා 1987 අංක 42 දරණ පළාත් සභා පනතෙන් පැවරී ඇතිබල තල අනුව

  • පළාත් සභා ව්‍යවස්ථා සම්පාදන කටයුතු
  • සභා තීරණ, කාරක සභා තීරණ හා උපදේශක කමිටු තීරණ කි‍්‍රයාත්මක කිරීම.
  • පළාත් සභාවේ සභාපති, නියෝජ්‍ය සභාපති හා අනෙකුත් පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ වැටුප් හා දීමනා ගෙවීම් හා අවශ්‍ය පහසුකම් සැලසීම.
  • මෙම කාර්යාලයේ පරිපාලන කටයුතු හා ගිණුම් ගෙවීම් කටයුතු පවත්වාගෙන යෑම.

කාර්යයන්

  • මහ සභා රැස්වීම් පැවැත්වීම.
  • සෑම මාසයකම දෙවරක් මහ සභා රැස්වීම් කැඳවීම් හා එය පැවැත්වීම සඳහා න්‍යාය පත‍්‍ර සකස් කිරීම ඇතුළුව ඒ සඳහා අවශ්‍ය විධිවිධාන යෙදීම.
  • මහ සභා රැස්වීම් වල නිල වාර්තා සකස් කර ඒවා ගරු පළාත්  සභා මන්තී‍්‍රවරුන්ට හා අමාත්‍යාංශය හා ආයතනවලට යැවීමට කටයුතු කළ යුතුය.
  • මහ සභා රැස්වීම් වල දී ගනු ලබන තීරණ හා යෝජනා අදාල අමාත්‍යාංශවලට යැවීමට කටයුතු කල යුතුය.

ඌව පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග‍්‍රහයට අනුව ස්ථාපිත කර තිබෙන කාරක සභා පහත දැක්වේ.

  1. පළාත් අරමුදලේ ගිණුම් කාරක සභාව
  2. යෝජිත ව්‍යවස්ථා හා රීති පිළිබඳ කාරක සභාව
  3. සභාවේ වැඩකටයුතු පිළිබඳ කාරක සභාව
  4. කාර්ය පටිපාටි රීති පිළිබඳ කාරක සභාව
  5. මහ සභා කටයුතු පිළිබඳ කාරක සභාව
  6. පොදු පහසුකම් හා වරප‍්‍රසාද පිළිබඳ කාරක සභාව
  7. මහජන පෙත්සම් කාරක සභාව

මෙම කාරක සභා අතුරින් සභාවේ වැඩකටයුතු පිළිබඳ කාරක සභාව සෑම මාසයකම දෙවරක් අනිවාර්යයෙන්ම රැස්වේ. අනෙකුත් කාරක සභා අවස්ථානුකූලව කැඳවීම් කරනු ලැබේ. එහිදී කාරක සභාව ගනු ලබන තීරණවලට අනුව ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීම ද කල යුතුවේ.

මෙම කාරක සභා අතුරින් පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභාවේ කාර්ය භාරය සුපතල සුවිශාලවේ.

  1. සෑම වර්ෂයකට විගණකාධිපති විසින් මෙම පළාත් සභාවට අදාලව ඉදිරිපත් කරනු ලබන වාර්තා සභාගත කිරීමට කටයුතු කිරීම
  2. ඒ ඒ ආයතන වලින් පිළිතුරු ලබා ගැනීම.
  3. කාරක සභාවට හා විගණන අංශ වෙත ඉදිරිපත් කිරීම
  4. කාරක සභාවේ සාකච්ඡාවට භාජනය කිරීමට සැලැස්විය යුතුවේ.
  5. කාරක සභාව ගනු ලබන තීරණවලට අනුව නැවත පිළිතුරු ලබා ගැනීම, මූලික පරීක්ෂණ පැවැත්වීම හා තීරණ අදාල ආයතන වලට දන්වා යැවීමට කටයුතු කිරීම කළ යුතුවේ.

පළාත් සභාවලට පැවරී ඇති විශේෂයෙන්ම අදාල අමාත්‍යාංශය විසින් සකස් කර ඉදිරිපත් කරනු ලබන ප‍්‍රඥප්තියෙන් විෂයට අදාලව ද යන්න අධ්‍යයනය කර ඒවා සභාවට ඉදිරිපත් කිරීමේ සිට එය ගරු ආණ්ඩුකාරතුමාට අනුමැතියට ඉදිරිපත් කිරීම දක්වා ද ඉන් පසුව ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමැතිය ලත් පසුව ගැසට් නිවේදනයේ පල කිරීම දක්වා වූ කාර්යභාරය ඉටු කල යුතුවේ.
අනෙකුත් අමාත්‍යාංශ හා ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන පරිපූරක ඇස්තමේන්තු සභාවට ඉදිරිපත් කිරීමේ සිට ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා ගැනීම දක්වා වූ කාර්ය භාරය ඉටු කිරීම.
සෑම වර්ෂයකටම අදාල වාර්ෂික මුදල් ප‍්‍රකාශය මහ සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීමේ සංවිධාන කටයුතු මෙම කාර්යාලය මගින් සිදු කරනු ලබයි. අමාත්‍යාංශවල ප‍්‍රගති වාර්තා හා කි‍්‍රයාත්මක සැලස්වීම එයට ඉදිරිපත් කර ඒ පිළිබඳ විවාද දින කිහිපයක් පවත්වනු ලබයි. එවා සම්බන්ධීකරණය කිරීමේ කාර්යය මෙහිදී සිදු කරනු ලැබේ.
සෑම සැසිවාරයක්ම ආරම්භ කිරීමකදීම ගරු ආණ්ඩුකාරතුමා විසින් ඉදිරිපත් කරනු ලබන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සභාවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ කාර්යය සභා ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබයි. එහි දී පවත්වනු ලබන උත්සව සංවිධානය කිරීමේ භාර දූර කාර්යය මෙම කාර්යාලයට පැවරී ඇත.
මෙම කාර්යාලය මගින් පහත සඳහන් ධූරධාරීන්ගේ කාර්යාල පවත්වාගෙන යාමේ කාර්යය කරනු ලැබේ.

  • ගරු සභාපතිතුමාගේ කාර්යාලය
  • ගරු නියෝජ්‍ය සභාපතිතුමාගේ කාර්යාලය
  • ගරු විපක්ෂ නායකතුමාගේ කාර්යාලය
  • ගරු සභා නායකතුමාගේ කාර්යාලය
  • ගරු ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාගේ කාර්යාලය

මෙයට අමතරව සභා ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල හා අනෙකුත් පාරිපාලනමය කටයුතු කරනු ලබයි. පළාත් සභාවේ රැස්වීම් ශාලාව පවත්වාගෙන යාමේ කාර්ය ද කරනු ලබයි.

ගරු සභාපතිතුමා, නියෝජ්‍ය සභාපතිතුමා, ගරු විපක්ෂ නායකතුමා, ගරු සභානායකතුමා ගරු ආණ්ඩුපක්ෂ සංවිධායක තුමා, ඇතුළු පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ දීමනා, ඇතුළු වරප‍්‍රසාද ලබා දීමේ කාර්යය පැවරී තිබේ. මෙයට අමතරව ගරු පළාත් සභා මන්තී‍්‍රවරුන්ට ණය පහසුකම් සැලසීමේ කාර්යය ඉටු කරනු ලබයි.

සභා ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය වැටුප් ණය ලබා දීමේ කාර්යය ද ගරු පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා දීමනා ගෙවීමේ කාර්යයද සිදු කරනු ලබයි.

මෙයට අමතරව සභා ලේකම්වරයාට අදාල ගිණුම් පවත්වාගෙන යාමේ කාර්යයද ඉටු කරනු ලැබිය යුතුය.

 
දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6